gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආරක්ෂාව දෙගුණ තෙගුණ කරයි... මුලු පාර්ලිමේන්තුව වටේම පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව යොදවයි - අද පාර්ලිමේන්තුව තියන්න යන හැටි

ප්‍රචණ්ඩකාරීන්  පිරිසකගේ උත්සාහයක් ගැන තොරතුරු හෙළි වීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන්  තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (16) පෙරවරුවේ පැවැත්විණ. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

මේ අනුව පාර්ලිමේන්තු අවට  දියවන්නා ඔයේ නාවික මුර සංචාරද පාර්ලිමේන්තුව අවට ගොඩබිම් ප්‍රදේශවල පොලිස් මුර සංචාරද වැඩි කෙරෙනු ඇත.

බුද්ධි අංශ නිරීක්ෂණ කටයුතුද  පුළුල් කිරීමට තීරණය කර  ඇත.

මෙයට අමතරව පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද යෙදවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.

මේ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. ඔහු එහි ආරක්ෂාව සම්බන්ධයෙන් උපදෙස් ගණනාවක් ලබාදී ඇතැයි දැන ගන්නට ඇත.

පාර්ලිමේන්තුව මේ සතියේ දින හතරක් රැස්වීමට නියමිත අතර ඒ සෑම දිනකම මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට වැඩිදුරටත් තීරණය කර  ඇත.

එසේම පාර්ලිමේන්තුවට පැමිණෙන්නන් පරික්ෂා කිරීමද පුළුල් කෙරෙන බව ආරක්ෂක අංශ නිලධාරීහු පවසති.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka