තෙල් නැවකට ගෙවන්න මෙරට බැංකුවල LC පිලි නොගනී... ඉන්දීය බැංකුවකින් LC ඉල්ලයි
කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති බොරතෙල් තොගයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 72ක් ගෙවීමට ණයවර ලිපියක් විවෘත කිරීම සඳහා රජය ඉන්දීය බැංකුවක සහය ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
එසේ කර ඇත්තේ මෙරට රාජ්‍ය බැංකුවලට ණයවර ලිපි විවෘත කිරීමට හැකියාවක් නොමැති බැවිනි.
දින 90 කට පසු ඉන්දියානු බැංකුවට ගෙවීමේ පදනම මත මෙම ඉල්ලීම කර තිබේ.
මෙම පහසුකම ඉල්ලා අත්තේ ඉන්ධන ආනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකමට අමතරවයි.
තෙල් නැවකට ගෙවන්න මෙරට බැංකුවල LC පිලි නොගනී... ඉන්දීය බැංකුවකින් LC ඉල්ලයි
2022-05-13T15:36:00+05:30
Gossip Lanka Hot News





