gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගුවන් විදුලි ලොක්කෙක් සිරකර විරෝධතා! අස්වීමේ ලිපිය දී යන්න යයි!

රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ සියළු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමටද අසීරු කාර්යයක්ව තිබියදී, සේවක අත්තිකාල දීමනා හා වෙනත් අනවශ්‍ය වියදම් සියල්ල කපාහැරීමට කටයුතු කරන මොහොතක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා බලධාරයෙක් ව්‍යාජ ලිපිගොණු සකසා වැටුප් වර්ධක 10ක් ලබාගනිමින් ලක්ෂ ගණනින් මුදල් වංචාකිරීමක් සිදුකොට ඇති බව සංස්ථා සේවකයින් පවසයි.

ඔහු පත්වූ දා සිට සිදුකර ඇති අසාර්ථක ව්‍යාපෘති හරහා සංස්ථා මුදල් නිකරුනේ නාස්ති කොට ඇති බවද චෝදනා කරති.

එසේම සංස්ථා සේවක සංයුතිය පිළිබඳ කිසිඳු තැකීමක් සිදුනොකොට සිය ඥාති පුත්‍රයකු සේවයට බඳවා ගෙන අත්තනෝමතික ලෙස තනතුරු ප්‍රධානය කිරීමක්ද සිදු කොට ඇතැයිද සේවකයන් පෙන්වා දෙති.

දිගින් දිගටම මොහු විසින් සිදුකොට ඇති වංචා, දූෂණ, අක්‍රමිකතා හේතුවෙන් පීඩාවට පත් සංස්ථා සේවකයින් හා සියළු වෘත්තීය සමිති එක්ව ඔහුලෙග් කාර්යාලය වටලා තිබේ.

දැඩි සේවක විරෝධය හමුවේ පැවති තත්ත්වය පාලනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපති ද මැදිහත්වී ඇත.

පසුව ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් අනතුරුව සංස්ථා භූමියෙන් පිටතට රැ‌ගෙන ගොස් තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka