gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇස්පෙන් මෙඩිකල් කතාව ගැන නාමල්, නිමල් ට්වීට් කරයි

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සමාගමක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණයට අදාළව සිදුකරන විමර් ශනයක් තුළදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදී සිදුවූ බව කියන දූෂිත ගනුදෙනුවක් ගැනද තොරතුරු හෙළිව තිබේ.

මෙම වාර්තාව ඕස්ට්‍රේලියාවේ ABC TV හි ගවේෂණාත්මක පුවත්පත් වැඩසටහනක් වන - Four Corners ඔස්සේ විකාශනය කරන ලද එකක් වන අතර එය ද සන්ඩේ ටයිම්ස් පුවත්පත සමඟ සහයෝගයෙන් සිදු කරන ලද්දකි.

ඇස්පෙන් මෙඩිකල් සමාගමට අදාළව පෞද්ගලික ආරක්ෂක උපකරණ කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් වූ දූෂණයක් සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදුකර තිබේ.

මෙම සමාගම ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල ඉදිකිරිමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණට අදාළව විමර්ශනයකට භාජනය වී ඇත.

එම සමාගම විසින් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල සඳහා අවශ්‍ය උපකරණ, යටිතල පහසුකම් ඇතුළු සේවා වෙනුවෙන් ඩොලර් මිලියන 18.8ක ව්‍යාපෘතියක් වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජයේ අනුමැතිය ලාබගෙන තිබූ බව පැවසේ.

මේ පිළිබඳව විමර්ශන ගවේෂනයක යෙදුණ මාධ්‍ය වේදින් සමාගමෙන් ප්‍රශ්න කර ඇත්තේ අදාළ වෛද්‍ය සැපයීම් රෝහල වෙනුවෙන් සිදුකළාද යන්නයි.

එහිදී එයට පිළිතුරු ලබාදිම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බව දැක්වේ.

කෙසේවෙතත් එම කොන්ත්‍රාත් උප කොන්ත්‍රාත් සමාගමක් වෙත ලබාදුන් බව ඔවුන් නිවේදනයකින් සඳහන් කර ඇත.

ඇස්පෙන් සමාගම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ පළමු මුදල් ගණුදෙනුව වන ඩොලර් මිලියන 2.1ක් බ්‍රිටිස් වර්ජජින් දූපත්වල ලියාපදිංචි සබ්රේ විෂන් හෝල්ඩිංග්ස් වෙත සිදුකර ඇති බව පැවසේ.

මෙම ගණුදෙනුව ශ්‍රී ලංකා පොලීසියේ අවධානයට ලක්ව ඇති බව පැවසෙන අතර එය ශ්‍රී ලංකාවේ නිමල් පෙරේරා නම් පුද්ගලයෙකුට අයිති බවත් ඔහු ශ්‍රි ලංකාවේ රාජපක්ෂ පවුල හා සමීප සබඳතාවක් ඇති බවත් ඒ.බී.සී. මාධ්‍ය කියා සිටී.

2016 දී ඔහු නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් මුදල් එකතු කර ඇති බවට පාපොච්ඡාරණය කර ඇති බවත්, ඒ හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවටද පත්වූ බවද සඳහන් කරයි.

හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳ විමර්ශනවලදී නිමල් පෙරේරාගෙන් ඔහුගේ ගිණුම්වලට පැහැදිලිකළ නොහැකි මාර්ගවලින් මුදල් ලැබීම පිළිබඳව කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම මුදල් ලබාදුන්නේ ඉතාලි ව්‍යාපාරිකයෙක් බවයි.

එම ඉතාලි ව්‍යාපාරිකයාගේ ලිපිනය හෝ දුරකතන අංක සහිතව අනන්‍යතාව තහවුරු කළ නොහැකි බවත් සඳහන් කර තිබේ.

මෙහිදී සබ්රේ විෂන් හොල්ඩිංග්ස් සමාගම පිළිබඳව විමසා ඇති විට නිමල් පෙරේරා ප්‍රකාශ කර ඇත්තේ තමන් එම සමාගම පිළිබඳව නොදන්නා බවත්, ඇතැම්විට එම සමාගම තම ඉතාලි මිතුරාට අයිති එකක් විය හැකි බවත්ය.

කෙසේවෙතත් මෙම සමාගම නිමල් පෙරේරාට අයිති බවට පොලීසිය විසින් තහවුරු කර ඇතැයි මාධ්‍ය වාර්තාවේ දැක්වේ.

එසේම මෙම සමාගම දූෂිත එයා බස් ගණුදෙනුවට අදාළව ඩොලර් දස දහස් ගණනක් ලැබී ඇති බවට තහවුරු ඇති බවද පැවසේ.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් නිමල් පෙරේරා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කර ඇත.
එසේම හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම සිද්ධියට තමා සම්බන්ධයක් නොමැති බවයි.
abc.net.au හි පළ වූ ලිපියේ හතර කොන වීඩියෝව සහ උපුටා ගැනීම් පහත දැක්වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka