මිරිහානේ දී හමුදා බස් රථයකට ගිනි තැබූ බව කී තැනැත්තා සී.අයි.ඩි. අත්අඩංගුවට!
පසුගිය මාර්තු 31 දා ජනාධිපතිවරයාගේ මිරිහාන නිවස අසල පැවති විරෝධතාවයක් අතර තුර හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇ.තැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි.
මේ තැනැත්තා පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ දැරණියගල ප්‍රදේශයේ දී ය. මේ තැනැත්තා ගංගොඩවිල විජේරාම ප්‍රදේශයේ පුද්ගලික මෝටර් රථ අමතර කොටස් ආයතනයක සේවය කරන පුද්ගලයෙක් බව පොලිසිය කියයි.
ඔහු අපරාධ චෝදනා යටතේ හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මිරිහානේ දී හමුදා බස් රථයකට ගිනි තැබූ බව කී තැනැත්තා සී.අයි.ඩි. අත්අඩංගුවට!
2022-05-20T06:39:00+05:30
Gossip Lanka Hot News





