gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වත්කම් පෙන්වා ගත් ණය හිතවත් කම් නිසා නොගෙවා බැංකු ටිකට වංගු දාපු දේශපාලන ලොක්කන් මෙන්න

ගෙවුනු වසරවලට සාපේක්ෂ්ව 2020 වසරේදී රාජ්‍ය බැංකුවලට අයවිය යුතු ණය නොගෙවිම් ඉහළ ගොස් තිබෙන බව පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (COPE) පසුගියදා අනාවරණය කරනු ලැබූවා.

එම ප්‍රමාණය බිලියන 54 කට ආසන්නයි.

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කියම් මහතාද මෙම තොරතුරු අනාවරණය කලා.

කෝප් කමිටුව විසින් නිකුත් කරන ලද තොරතුරුවලට අනුව, ණය ගෙවීම පැහැර හැරීම අතින් ඉහළින්ම සිටිනුයේ යශෝධා සමූහ ව්‍යාපාරයයි.ඔවුන් විසින් ගෙවිය යුතු මුලු මුදල බිලියන 24ක්.

එමෙන්ම හිටපු අමාත්‍ය දයා ගමගේට අයත් දයා ඇපරල් සමූහ ව්‍යාපාරය සහ අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමද මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටිනවා.

දයා ඇපරල් සමාගම විසින් ලබාගෙන ඇති ණය මුදල බිලියන 03 ක්.මෙන්ඩිස් සමාගම විසින් නොගෙවා පැහැර හැර ඇති මුලු මුදල බිලියන 3.4 කට ආසන්නයි.


ඔවුන් හැරුනු විට CML MTD සමූහ, මිහින් ලංකා (පුද්ගලික) සමාගම, Huravee International (Pvt.) Ltd., Nawaloka Group, Good Fellows (Pvt. Ltd., Rican Lanka (Pvt.) Ltd., සහ Graline Express (Pvt.) Ltd ඇතුලු  ආයතන කිහිපයක්ද එම ලැයිස්තුවේ පසුවෙනවා.

සිය දේශපාලන බලය යොදාගෙන රාජ්‍ය බැංකුවලට අය විය යුතු ආදායම මෙලෙස නොගෙවීම කිසිසේත්ම අනුමත කල නොහැකි වන්නේ එය මෙරට බැංකු ක්ෂේත්‍රයට දැඩිව බලපෑමක් ඇති කරන්නක් බැවිනි.

දයා ගමගේ සහ මෙන්ඩිස් සමාගමේ අයිතිකරු වන අර්ජුන් ඇලෝෂියස් යනු  මුදල් අමාත්‍ය ධූරය හොබවන රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයින් දෙදෙනෙකු ද වෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka