නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ පත්වීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සුභ පතා තිබේ.
මහින්ද රාජපක්ෂ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙලෙස රනිල් වික්‍රමසිංහට සුබ පතා ඇත. ඔහු මෙම පණිවුඩය සිය පවුලේ සමාජිකයන්ගේ ආරක්ෂාව පතා විශේෂ ස්ථානයක සැඟවී සිටින අතරතුර නිකුත් කර තිබේ.
එහිදී ඔහු” නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ හට සුබ පැතුම්. ඔබ මෙම අර්බුදරකාරී කාලය තුළ කටයුතු කිරීමට මම ඔබට සුබ පතමි.” යනුවෙන්ද සඳහන් කර තිබිණි.
Congratulations to the newly appointed Prime Minister of #lka, @RW_UNP. I wish you all the best as you navigate these troubled times.
— Mahinda Rajapaksa (@PresRajapaksa) May 12, 2022
