සජිත් නව අගමැති ධූරය බාරගනීද? සදුදා වෙන්න යන අලුත්ම දේ මෙන්න
අගමැති මහින්ද රාජපක්ෂ සඳුදා ධුරයෙන් ඉවත් වීමත් සමඟ ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්වා.
විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් නොමැති නම්,පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට ආරාධනා කර, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග වලින් පැවසේ.
රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙස මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම රජයට දැනටමත් යෝජනා කර ඇත.
ලංකාදීප
සජිත් නව අගමැති ධූරය බාරගනීද? සදුදා වෙන්න යන අලුත්ම දේ මෙන්න
2022-05-07T13:49:00+05:30
Gossip Lanka Hot News






