gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තව මාස තුනකින් මිනිසුන් රැසක් මිය යනවා - අමරවීර කියයි (VIDEO)

තවත් මස තුනක් ගත වූ විට රටවැසියන් රැසක් මිය යනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ අන්තර්ජාලය නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අනතුරු ඇඟවීම් සිදු කළ බවත් එම අනතුරු ඇඟවීම් කිසිවක් ගණන් නොගනිමින් තම පක්ෂයට අපහාස කරමින් පොදුජන පෙරමුණ ඒ පිරිස හැසිරුණු බවත් මහින්ද අමරවීර මහතා මෙහිදී අවධාරණය කර ඇත.

ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ හිඟකමින් ඉදිරියේදී විශාල පිරිසක් මිය යනු ඇති බව පෙන්වාදුන් අමරවීර මහතා මේ සඳහා ඇති එකම විසඳුම සර්ව පාක්ෂික පාලන ක්‍රමවේදයක් නිර්මාණය කිරීම බව අවධාරණය කරයි.

රාජපක්ෂ පාලනය විසින් විනිවිද ප්‍රසම්පාදනය ක්‍රියාවලියෙන් ගෙන් බැහැර දූෂිත ගනුදෙනු සිදු කළ අවස්ථා රැසක් ඇති බව සඳහන් කළ අමරවීර මහතා එම අවස්ථාවන් වලදී ඊට එරෙහිව හඬ නැගුවා නම් ඇතැම් විට අද තමන් ජීවතුන් අතර නොසිටින්නට ඉඩ තිබූ බවද පැවසීය.

රටේ අභ්‍යන්තර අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක් බිහි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය පක්ෂය අත්වැල් බැඳ නොගන්නේ නම් තම පක්ෂය ද පොදුජන පෙරමුණ ප්‍රමුඛය ආණ්ඩුව සමඟ කිසිදු එකඟතාවයකට නොපැමිණෙන බවද ඔහු මෙහිදී අවධාරණය කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka