දන්නෙ නැත්නම් කියල දෙන්නම්... පටන් ගන්න ඕනෙ තැනත් කියන්නම්... කමල් ගුණරත්නට ජ.වි.පෙ.න් දැඩි ප්‍රහාරයක් (VIDEO)
අරලියගහ මන්දිරය අසල සහ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන නිර්පාක්ෂික අරගලයට පසුගියදා එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා සිදුකළ ප්‍රකාශයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිචාර දක්වා තිබෙනවා.
අද (12) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ අරගල භූමියේ රැඳී සිටි පිරිසට ප්‍රචණ්ඩත්වය මුදාහැරුණේ අරලියගහ මන්දිරය තුළින් බවයි.
එබැවින් පළමුවෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රචණ්ඩත්වය ආරම්භ කළ එම පිරිසට එරෙහිව බවයි ටිල්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියේ.
ඔහුගේ අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින්.
දන්නෙ නැත්නම් කියල දෙන්නම්... පටන් ගන්න ඕනෙ තැනත් කියන්නම්... කමල් ගුණරත්නට ජ.වි.පෙ.න් දැඩි ප්‍රහාරයක් (VIDEO)
2022-05-12T16:52:00+05:30
Gossip Lanka Hot News





