gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගිනිගත් මන්ත්‍රි නිවාස 47 වෙනුවට තලවතුගොඩින් නිවාස 101ක් !.. 43 සේනාංකය හෙළි කරයි

පසුගිය මැයි 09 වැනිදා ඇති වූ ගොල්ෆේස් සාමකාමී විරෝධයට හිටපු අගමැති මහින්ද රාජපක්ෂට  පක්ෂපාතී මැර පිරිස් විසින් සිදු කරන ලද ප්‍රහාරයෙන් පසුව කුපිත වූ ජනතාව ගිනි තබා විනාශ කළ නිවාස 47ක් වෙනුවෙට මන්ත්‍රිවරුන් සඳහා නිවාස ඒකක 101 කින් සමන්විත නිවාස සංකීර්ණයක් ඊයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් භාර දෙනු ලැබ ඇති බව වාර්තා වේ.

දැනට වාර්තා වන පරිදි නිවාස දේපළ හානි වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ගේ නිවාස ගණන 47ක් වුවද ඔවුන්ට නිවාස 101ක් ලබා දුන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බව නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන 43 කණ්ඩායමේ මුදල් ලේකම් සුමේධ රත්නායක   අද (20) මාධ්‍ය හමුවකදි ප්‍රශ්න කළේය.

අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ රත්නායක   මෙම නිවාස තලවතුගොඩ වීර මාවතේ වියත් පුර නම් නිවාස යෝජනා ක්‍රමය තුළ ඉදි කර ඇති බවත් මෑතකදී ඉදි කර නිවාස ඒකක 101 ක් සහිත ගොඩනැගිල්ලේ යතුර ඊයේ වනවිට එම අධිකාරිය විසින් අදළ පර්ශ්ව වෙත භාර දී ඇති බවත්  එහිදී ඔහු අනාවරණය කළේය.

“ප්‍රචණ්ඩ ක්‍රියා නිසා දේපළ හානි වුණේ හතළිස් ගාණකි. ඔවුන්ට නිවාස 101ක් දෙන්නේ ඇයි? මේ එක් ගෙයක වටිනාකම එක්කෝටි 70 ලක්ෂයක්. නිවාස ඒකක 101කට නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 1117ක් වැය කර තිබෙනවා. මෙච්චර ලොකු මුදලක් වැය කර  හදපු දේපළක් නාගරික සංවර්ධන අධිකාරියට රජයට ලබා දෙන්න පුළුවන් කියල මම හිතන්නේ නෑ. එයින් නාගරික සංවර්ධන අධිකාරියත් බංකොලෙත් වෙන්න පුළුවන්.“ යයිද පැවසීය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ රත්නායක  මෙසේද කීවේය.

“අන්තර්වාර රජයක් සාර්ථක ව කරනවා නම් එය දේශපාලන වශයෙන් ක්‍රියාත්මක භාවයෙනුත් සාර්ථක වෙන්න ඕන. අපි දැක්ක පසුගියදා පාර්ලිමේන්තුවේදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් ඔවුන්ගෙ බලය හසුරුවපු ආකාරයත. ඒ වගේමයි තවමත් ඔවුන්ගේ වැඩ පිළිවෙළ මේ රජය තුළත් යනවද කියන සැකය පවතිනවා. ඊයේ රෝහිණි කවිරත්න මන්ත්‍රිවරිය පාර්ලිමේන්තුවේදී කියනවා එදා මැයි 09 ප්‍රහාරයට මැරයන් ගෙනාපු මහා මාර්ග ලේකම් ගැන. ඔහු අදටත් ඔවුන්ට අවශ්‍ය ආකාරයට ටෙන්ඩර් පිරිනැමීම සිදු කරනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඩොලර් මිලියන 880ක් වැඩි ඉල්ලුම්කරුවට ටෙන්ඩරය දෙන්න කටයුතු කළේ ඔහු. විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා යුගදනවි ගිවිසුම අත්සන් කළ පුද්ගලයා. ඔහුත් තවමත් වැඩ කරනවා. අන්තර්වාර රජයක් සාර්ථක වෙන්න නම් එක් එක් අයට අවශ්‍ය දේශපාලන අවශ්‍යතාවට වැඩ කරන නිලධාරීන් සිටිනවා ද යන්න සලකා බැලීම වටිනවා “ යැයිද පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka