gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමතිවරු 10ක් අද දිවුරුම් දෙයි! ඇමතිකම් ලැබෙන අය මෙන්න! හරීන් සහ මනූෂටත් ඇමතිකම්!

කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් දසදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් දසදෙනකු මෙසේ දිවුරුම් දෙනු ඇතැයි දැනගන්නට ඇත. 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා ,මහින්ද අමරවීර,ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා,ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ,ටිරාන් අලස්, ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්,ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද,සමගි ජන බලවේගය නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු ,මනුෂ නානායක්කාර යන මහත්වරුන් මෙසේ දිවුරුම් දෙනු ඇතැයි දැනගන්නට ඇත. 
 
නිමල් සිරිපාල ද සිල්වා මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ද, මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ද , සුසිල් ප්‍රේම ජයන්ත මහතා අධ්‍යාපන ඇමතිවරයා ලෙස ද ,විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස ද , ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස ද දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 
 
ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ,අගමැතිවරයා ඇතුළුව 25 දෙනකුට සීමා කෙරෙන අතර,ඉන් සිවු දෙනකු දැනටමත් දිවුරුම් දී ඇත. 
 
ඉතිරි හත් දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් පත්කරනු ඇතැයි දැනගන්නට ඇත. ඔවුන් ඉදිරි දිනකදී දිවුරුම්දීමට නියමිතව ඇති බවද වාර්තා වේ. 
 
මේ අතර ,රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.

ලංකාදීප


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka