අගමැති ධූරය භාර ගැනීමට සූදානම් බවට විපක්ෂ නායකවරයා යොමු කළ ලිපියට පිළිතුරු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරනු ලැබ තිබේ.
අදාළ ලිපියේ දැක්වෙන්නේ, අගමැති ධූරයේ වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් පක්ෂ නායකයින් සමග ද සාකච්ඡා කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කිරීමට ගනු ලැබූ තීරණය වෙනස් කළ නොහැකි බව ය.
එසේ වුව ද පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම ජාතික අවශ්‍යතාවක් ලෙසට සලකා සමගි ජන බලවේගය පක්ෂයේ යම් පිරිසක් ඉදිරියේදී පත් කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් කිරීමට එකග වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් නොපමාව තමා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසට ද ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත.
රට බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ද බොහෝ කල් දැමීමට නොහැකි බැවින් විපක්ෂ නායකවරයාගේ කඩිනම් ප්‍රතිචාරය අගය කරන බව ජනාධිපතිවරයා යොමු කළ ලිපියේ වැඩිදුරට ත් සඳහන් කර තිබේ.
අදාළ ලිපිය පහතින් දැක්වේ…
