පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයේ නිරත පුද්ගලයෙකුට පොලීසිය බිමදමාගෙන පහරදී මුහුණටම කඳුළු ගෑස් ගසයි (VIDEO)
පැලවත්ත දෙසින් පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අසළ විරෝධතාවයේ නිරත පිරිස් විසුරුවා හැරීමට ඊයේ (06) පස්වරුවේ පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. එම අවස්ථාවේදී එක් පුද්ගලයෙක්ව බලහත්කාරයෙන් ඇද මහ මඟ බිම දමාගෙන පොලිස් නිලධාරීන් රැසක් පයින් පහර දෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වනවා.
කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ තත්ත්වයක් නොපවතින මෙම ස්ථානය තුළ පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීම විශේෂත්වයක්.
එමෙන්ම අංශක 45 ක් ඉහළට ඔසවා පහරදීමට නියම කර ඇති කඳුළු ගෑස් එක් වරම වෙඩි තබන ආකාරයෙන් විරෝධතාකරුවන්ගේ මුහුණටම තබන ආකාරය මෙම වීඩියෝවෙන් දැකගත හැකියි.
කඳුළු ගෑස් නිෂ්පාදකයන් එම නිෂ්පාදනයෙහිම සටහන් කර ඇත්තේ කඳුළු ගෑස් ප්‍රහාර අංශක 45 කෝණයෙන් ඉහළට වෙඩි නොතබා පුද්ගලයන් ඉලක්ක කර සෘජුව වෙඩි තැබීම කිසිවිටෙකත් සිදු නොකළ යුතුය ලෙසයි.
එසේ වෙඩි තැබුවහොත් පුද්ගලයන් හට දරුණු ශාරීරික තුවාල හෝ මරණ ඇතිවිය හැකි බව නිෂ්පාදනයෙහිම සටහන් කර තිබෙනවා.
පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයේ නිරත පුද්ගලයෙකුට පොලීසිය බිමදමාගෙන පහරදී මුහුණටම කඳුළු ගෑස් ගසයි (VIDEO)
2022-05-07T06:57:00+05:30
Gossip Lanka Hot News






