හදිසි නීතිය ක‍්‍රියාත්මකයි... විරෝධතාකරුවන් අත්අඩංගුවට - රජය
සාමාන්‍ය ජන ජීවිතයට බාධා වන හෝ ප්‍රචණ්ඩත්වයට පත් වන ආකාරයේ විරෝධතාවල නිරත වන පුද්ගලයන් අඩංගුවට ගැනීමට සිදුවන බව රජය සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි යටතේ මෙම ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා සඳහන් කළේය.
මෑතක දී පාර්ලිමේන්තු සංකීර්ණය අසල සිදුකරන ලද උද්ඝෝෂණය හදිසි නීති රෙගුලාසි යොදාගනිමින් පාලනය කරන ලද බවද හෙතෙම පැවසීය.
මේ අතර හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසියට හමුදාවට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දී ඇති බලතල ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබේ.
හදිසි නීතිය ක‍්‍රියාත්මකයි... විරෝධතාකරුවන් අත්අඩංගුවට - රජය
2022-05-08T19:22:00+05:30
Gossip Lanka Hot News






