බෙහෙත් හිඟය දරුණු අතට... රෝගීන් බෙහෙත් නැතිව මරුට... දොස්තර සංගමයකින් බරපතළ අනතුරු ඇඟවීමක්!
රෝහල් රැසක මේ වන විට දැඩි සත්කාර, හදිසි ප්‍රතිකාර හා ශල්‍යකර්ම සදහා අවශ්‍ය ඖෂධ සහ රසායනිකයන් නොමැති වීම හේතුවෙන් රෝගීන් කිපදෙනෙකු මරණයට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම්පිලිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
රෝහල් කීපයකම වෛද්‍යවරුන් මේ බව තම සන්ධානයට දැනුම් දුන් බවද එහි සභාපති වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.
රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟය ඉදිරියේදී තවත් උග්‍රවනු ඇති බැවින් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්වි පෙර කිසිම දිනක ඇති නොවූ ඉතා අසීරු තත්ත්වයකට සෞඛ්‍ය ක්ෂේත්‍රය පත් වනු ඇති බවද හෙතෙම පැවසීය.
බෙහෙත් හිඟය දරුණු අතට... රෝගීන් බෙහෙත් නැතිව මරුට... දොස්තර සංගමයකින් බරපතළ අනතුරු ඇඟවීමක්!
2022-05-13T09:18:00+05:30
Gossip Lanka Hot News





