වහාම දේශබන්ධු ඉවත් කරන්න! නීතිපති පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දෙයි!
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ඉන් ඉවත් කොට වෙනත් ස්ථානයකට යොමු කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.
මැයි 9 වැනිදා ගෝඨාගෝගම පරිශ්‍රයට ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට යම් බලපෑමක් එල්ල වීමේ අවදානම හේතු කොටගෙන මෙම දැනුම්දීම නීතිපතිවරයා විසින් සිදු කොට ඇති බවද දැනගන්නට ඇත.
වහාම දේශබන්ධු ඉවත් කරන්න! නීතිපති පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දෙයි!
2022-05-23T12:30:00+05:30
Gossip Lanka Hot News






