gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේශබන්දු තෙන්නකෝන් ගෝල්ෆේස් ගැටුම වැළැක්වීමට පොලිසියට බාධා කළා.. පොලිසියෙන්ම චෝදනාවක්!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට හිතවාදී පිරිස් ඊයේ (09) දිනයේදී සැලසුම් සහගත ව ගාලු මුවදොර පිටියට එල්ල කළ මැර ප්‍රහාරය ඊට පෙර වළක්වා ගැනීමට පොලිසිය විසින් අනුගමනය කළ සියලු උපක්‍රම වළක්වා ඇත්තේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් විසින් බව පොලිස් නිලධාරීහු චෝදනා කරති.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ද නොමඟ යවමින් පොලිසියේ සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මෙය ගැටුම්කාරී තත්ත්වයක්  බවට දුර දිග යාමට තිබූ අවස්ථා වැළැක්වීමට කළ සියලු යෝජනා ප්‍රතික්ෂේප කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වේ නම් ඔවුන් නොපැකිළව ඒ සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවත් මෙම නිලධාරීහු ලංකාසරට පැවසූහ.

අරලිය ගහ මන්දිරයට රටේ සියලුම පළාත් ආවරණය වන පරිදි පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හරහා හය දහසක පමණ පිරිසක් ගෙන්වීමට කටයුතු කරන බවත් ඔවුන් එතැන සිට ගාලුමුවදොර අරගල භූමිය මැදින් ජනාධිපති මන්දිරය දක්වා ගමන් කරන්නට නියමිත බවත් කල් තියාම එම ප්‍රදේශය භාර ආරක්ෂාවට සිටි ඉහළ පොලිස් නිලධාරීන් දැනුවත්ව ඇති අතර ඔවුන් ගේ මඟ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලින් ගාලු පාර පුදේශයට ඇතුළු වීම සහ ගාලුමුවදොර හෝටලය අසලින් ගාලුමුවදොර මාර්ගයට ඇතුළු වීම වැළැක්වීමට දැවන්ත මාර්ග බාධක පෙළක් යෙදීම පිළිබඳ ව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොජනා කර තිබේ.

ඔහු එම වැඩපිළිවෙළ අනුගමනය නොකරන ලෙසත් එවැනි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වන්නට ඉඩක් නොමැති  බවටත් මෙම නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

මේ අනුව ඉතා ලිහිල් බාධක බිඳගෙන මෙම මැර කණ්ඩායම් පොලු මුගුරු රැගෙන පැමිණ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙද්දී   කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර යොදා පිරිස විසිරුවීමට අවසර ඉල්ලා සිට ඇත.    ප්‍රහාරය සැලකිය යුතු තරමට දුර දිග යනතෙක් දේශබන්දු තෙන්නකෝන්  ඊට අණ ලබා දී නැති බවට චෝදනා එල්ල වී තිබේ.  පසු ව කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් දුන්නද එහිදීද ඔහු පවසා ඇත්තේ මැර කණ්ඩායම්වලට ප්‍රතිවිරුද්ධ දිශාවට එනම් ගෝඨාගෝගම සාමකාමී විරෝධතාකරුවන් සිටින ප්‍රදේශයට එම ප්‍රහාරය එල්ල කරන ලෙසය.

උදෑසන සිට අරලිය ගහ මන්දිරය තුළ සිටින  මැති ඇමතිවරුන් සමග කතා බහ කරමින් සිට ඇති දේශබන්දු   තෙන්නකෝන්   එතැන පවතින සූදානම් සහ අමතර ආරක්ෂක පියවර අවශ්‍ය වන්නේද යන්න විමසා අති වබ වාර්තා වේ.

එහිදීද එම ස්ථානයේ පන්සියයකට වඩා වැඩි පිරිසක් රැඳී නොසිටින බවත් ලොකු කලබලකාරී තත්ත්වයක් ඇති නොවන බවට සංවිධායකයන් විසින් ප්‍රකාශ කරන ලද බවත් දන්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිසියට ඒ මොහොතේ නිසි අණක් ලැබුණි නම් මෙවැන ගැටුම්කාරී තත්ත්වයක් කිසිසේත් ඇති නොවන බවත් එසේ වූයේ නම් ඊට පසුව මුළු රටේම ඇති වූ අවාසානාවන්ත සිදුවීම් සියල්ල වළක්වා ගැනීමට හැකියාවක් පැවැති බවය.

මේ සිදුවීම සනාථ කරන තවත් සාක්ෂි  තිබේ. මැර පිරිස අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂකයින්ට පහර දී අට්ටාල කුඩු කරන විට පොලිසිය සිටියේ ඊට එම ස්ථානයට මීටර සීයක් පමණ දුරින් අරලියගහ මන්දිරය සහ ගෝල්ෆේස් අතර මාර්ගයේය. පොලිසියේ විශාල කණ්ඩයමක්  ඔහු සමග විය.

“ උඩහ ඉන්න ට්‍රැෆික් පොලිස් උනුත් මේ පැත්තට ඇදපන්… මම කියනකම් එකෙක් වතුර ගහන්නෙ නෑ“

කරුමයට මෙන් දේශබන්දු තෙන්නකෝන් මේ අණ දෙනවිට අපේ මාධ්‍ය සගයන් එතනය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka