gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජාතියත් ආගමත් බේරගන්න ඕනෑ...මහින්ද ගෙදර යවලා ආණ්ඩු පිහිටුවන්න අපි ඉඩතියන්නේ නෑ - ගාමිණී ලොකුගේ

යුද්දේ කාලේ හාමුදුරුවරු සහ බෞද්ධයින් දහස් ගණනින් මිය යද්දි පල්ලියේ කිසිවෙකු බෞද්ධයින් වෙනුවෙන් කතා නොකළ බව හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.

ඒකාබද්ධ වෘත්තිය සමිති බල මණ්ඩලය සහ පොදුජන ප්‍රගතිශීලී වෘත්තිය සමිති මධ්‍යස්ථානය සංවිධානය කළ මැයි රැලියට එක්වෙමින් හෙතෙම මෙසේ සඳහන් කළේය.

“අද බොහෝ අය බලාපොරොත්තු වෙනවා මහින්ද ගෙදර යවලා ආණ්ඩු පිහිටුවීමට. ඒකට අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය කවදාවත් ඉඩදෙන්නේ නැති බව මම මේ මොහොතේදී කියන්නට කැමතියි.

මම දැක්කා ඊයේ පෙරේදා බණ්ඩාරනායක මහතාගේ ඇස්දෙක වහලා කළු පටියක් බැඳලා. ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒ වගේම මේ රටේ යුද්ධයක් තිබුණා. යුද්ධය කාලයේ අපේ හාමුදුරුවරු, අපේ බෞද්ධයෝ දහස් ගණනක් මිය ගියා. කොයි පල්ලියේ පියතුමාද අපිට පක්ෂව කතා කළේ?

අද අපි දණ ගාගෙන යනවා පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන්. අද අලුත් මතයක් මේ රටේ ගොඩනගන්න හදනවා. අපිට යුතුකමක් තියෙනවා, අපේ රටේ ආගමත් ජාතියත් බේරගන්න.”
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka