ගෝඨාගෝගම ප්‍රධාන ක්‍රියාකාරීන් 8 ක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්!
ගාලු මුවදොර පිටිය අසළ දින 50 කටත් අධික කාලයක් පුරාවට ක්‍රියාත්මක ගෝඨාගෝගම ස්ථානයේ ක්‍රියාකාරී පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව ප්‍රවීන රංගන ශිල්පිනී දමිතා අබේරත්න, ජනප්‍රිය රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින්, තැන්නේ ඤාණානන්ද හිමි, ටැම්පිටියේ සුගතානන්ද හිමි, සත්‍යවේල් පියතුමන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රැට්ටා නොහොත් රතිදු සේනාරත්න හා ධම්මික මුණසිංහ යන අය මෙම ලැයිස්තුවේ ඇති බව සඳහන්.
මෙම පුද්ගලයින් 8 දෙනා අතුරින් රැට්ටා නොහොත් රතිදු සේනාරත්න මේ වන විටත් කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අද (30) පස්වරුවේ අත්අඩංගුවට ගැනුනා.
ගාලුමුවදොර පිටියට අත නොතබන බවට පොරොන්දුවී වැඩභාරගත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේම ඊට සක්‍රීය දායකවන පිරිසව අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකිරීම විශේෂත්වයක්.
උපුටා ගැනීම : News19
ගෝඨාගෝගම ප්‍රධාන ක්‍රියාකාරීන් 8 ක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්!
2022-05-30T22:13:00+05:30
Gossip Lanka Hot News






