හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප කපයි? ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්!
ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයෙන් මුහුණු පොතේ ප්‍රචාරය වන දැන්වීම සම්පූර්ණ අසත්‍යයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
හර්තාල් ව්‍යාපාරයට සහභාගි වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට 2022-05-03 දිනය හුවා දක්වමින් සහ ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණු පොත ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යය එකක් බවයි නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම්දී තිබෙන්නේ.
ජනාධිපති කාර්යාලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හෝ මෙවැනි දැනුම්දීමක් සිදු කර නොමැති අතර මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වනවිටත් අදාළ අංශ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප කපයි? ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්!
2022-05-06T12:58:00+05:30
Gossip Lanka Hot News







