gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ශ්‍රීලනිපය දෙකට කඩා ඇමැතිකම් දෙන්න සියල්ල සූදානම්! එහෙම කළොත් මෛත්‍රී බරපතළ දේශපාලන තීන්දුවක් ගන්න ලෑස්තියි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට අමාත්‍ය ධූර ලබා දීමේ සූදානමක් පවතින බවට වාර්තා වීමත් සමග මේ වනවිට එම පක්ෂයද ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

පසුගිය සතියේ රැස්වූ ශ්‍රීලනිප විධායක සභාව තීන්දු කර තිබුණේ ආණ්ඩුවට සහාය නොදී සිටීමටත්, ආණ්ඩුවේ කිසිදු අමාත්‍ය ධූරයක් බාර ‌නොගෙන සිටීමටත්ය.

ශ්‍රීලනිප විධායක සභාව සමන්විත වන්නේ පක්ෂයේ ගම්මට්ටම බිම්මට්ටම නියෝජනය කරන සාමාජිතයන්ගෙනි.

නමුත් මේ වනවිට ආණ්ඩුව පාර්ශ්වයෙන් ශ්‍රීලනිපයට ඇමැති ධූර කිහිපයක් පිරිනැමීමට සූදානමින් සිටින අතර මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද අගමැති කාර්යාලයට ගොස් ඒ පිළිබදච සාකච්ජා පවත්වා ඇති බවට තොරතුරු පක්ෂ නායකත්වය වෙත වාර්තා වී ඇත.

එසේ වුවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ තීන්දුවට පිටින් කටයුතු කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka