රට අරාජික වෙන්න ඉඩ දෙන්න එපා...වහාම භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න - විමල් ජනපතිගෙන් ඉල්ලයි (VIDEO)
වත්මන් කැබිනට් මණ්ඩලය විසුරුවා හැර, පාර්ලිමේන්තුවේ සියලු ම පක්ෂ නියෝජනය වන පරිදි භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ආණ්ඩුවේ විකල්ප පක්ෂ 11ක සන්ධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලයි.
අද (01) පැවැති මාධ්‍ය හමුවක දී ඔවුන් පැවසුවේ වත්මන් කැබිනට් මණ්ඩලයට මහ ජනතාවගේ ගෞරවය සහ විශ්වාසය තව දුරටත් දිනා ගැනීමට නොහැකි වී ඇති බවයි.
ඒ අනුව රට අරාජික තත්ත්වයට පත්වීමට ඉඩ නොදී කැබිනට් මණ්ඩලය විසුරුවා හැර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පියවර ගත යුතු බවයි, ඔවුන් සඳහන් කළේ.
රට අරාජික වෙන්න ඉඩ දෙන්න එපා...වහාම භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න - විමල් ජනපතිගෙන් ඉල්ලයි (VIDEO)
2022-04-01T21:25:00+05:30
Gossip Lanka Hot News





