ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුරයේ තබාගෙන අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ එවැනි කිසිදු යෝජනාවකට පක්ෂය කිසිසේත් එකඟ නොවන බවයි.
මහජනතාවගේ ප්‍රධානතම ඉල්ලීම ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා ජනතාව විවිධ දුක් ගැහැට මැද වුවද බලයේ රැඳී සිටීමට ජනාධිපතිවරයා උනන්දු වන බවද පැවසීය.
රටේ ස්ථාවරත්වය තවදුරටත් පිරිහී ගියත්, විවිධ දුෂ්කරතා නිසා මහජනතාව පීඩාවට පත්වුණත්, පාලනය බිඳ වැටුණත්, ගෝඨාභය රාජපක්ෂ බලා සිටින්නේ බලයේ රැඳී සිටීමටයි,” යැයි ඔහු පැවසීය.
“සහෝදර පුතුන්ගෙන් සැදුම්ලත් මේ පාලනය රටේ ජනතාව විසින් අවසන් කළ යුතුයි. මහජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට සහ ජාතිය ගොඩනැගීමට රජයට නොහැකි බව පුන පුනා ඔප්පු වී තිබෙනවා,” යැයි ඔහු පෙන්වා දුන්නේය.
එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියා සිටියේ ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය ඉල්ලා අස්විය යුතු බවයි.
පාර්ලිමේන්තුව යටතේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා ඉන්පසු මැතිවරණයක් කැඳවීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.
වත්මන් අර්බුදය විසඳිය හැක්කේ ජනතාවගේ ආශිර්වාදය ඇතිව නව රජයක් පිහිටුවීමෙන් පමණක් බව කී දිසානායක මහතා ආණ්ඩුව ඉවත් නොවන්නේ නම් එම තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා ජනතා බලය යෙදවිය යුතු බවද වැඩිදුරටත් පැවසීය.
