gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අලුත් මුදල් ඇමැති සබ්‍රි ආ හැටියේ වැඩ අල්ලයි! තෙල් මිල සහ බදු ඉහළ දමන්න තීන්දු කරයි! පාඩු ලබන ආයතන විකුණන්න ලෑස්තියි! (VIDEO)

ඉදිරි මාස 06 ඇතුළත ඉන්ධන මිල සහ බදු අනුපාතයන් ඉහළ දැමීමට සිදුවන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි රොයිටර් පුවත් සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කොට ඇත.

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීමටද අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යවරයා එහිදී සදහන් කර තිබේ.

මෙම ක්‍රියාමාර්ග ජනප්‍රිය නොවන නමුත් පවතින අර්බුදයෙන් රට ගොඩ ගැනීම සදහා කළ යුතු ඒවා බව මුදල් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් ඩොලර් මිලියන 500ක ණය සහනයක් ඉන්දියාවෙන් ඉල්ලා තිබෙන අතර එය ප්‍රමාණවත් වන්නේ මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් සති 05ක කාලයක් සදහා පමණක් බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව මෙන්ම චීනය, අමෙරිකාව, බි්‍රතාන්‍යය සහ මැදපෙරදිග රටවල් ඇතුළු  ද්වීපාර්ශික හවුල්කරුවන්ගේ සහයද රජය අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත. 

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka