උඩුවේ හාමුදුරුවෝ ප්‍රබල ඇමැති කෙනෙක් එක්ක ගැටබරුවේ රජ්ජු බණ්ඩාර දෙවියන්ට බාරයක් වෙන්න යයි! ඊළඟ දවසෙම ඇමැතිගේ ඇමැතිකම ගහලා යයි!
පසුගිය දිනෙක උඩුවේ ධම්මාලෝක හිමියන් ආණ්ඩුවේ එක්තරා ප්‍රබල අමාත්‍යවරයකු සමග ගොස් දෙනියායේ කොටපොල පිහිටි ගැටබරු දේවාලයේ විශේෂ පූජාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
මෙහිදී රාත්‍රිය පුරාම ගැටබරු දෙවියන්ට පුද පූජා පවත්වමින් මෙම අමාත්‍යවරයා වෙත ආශිර්වාද කරමින් උඩුවේ හිමියන් විසින් බාරහාර වීමට කටයුතු කොට ඇත.
කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ ම සිදුවීම වූයේ උඩුවේ හිමියන් විසින් මෙම බාරහාර වීමෙන් පසු දිනම අදාළ ප්‍රබල අමාත්‍යවරයාගේ ඇමැතිකම අහෝසි වීම සිදුවීමය.
මේ වනවිට මෙම පුවත දෙනියාය පුරාම ලැව්ගින්නක් සේ පැතිර ගොස් ඇති අතර ජනතාව විවිධ කතා පවා මේ සම්බන්ධයෙන් කියන ආකාරයක් දැකගන්නට පුළුවන.
එහිදී බොහෝ දෙනා පවසන්නේ මෙම හිමියන් විසින් කියන දෑ දැන් දෙවියන් පමණක් නොව ජනතාවවත් නොඅසන බවකි.
-mawratanews
උඩුවේ හාමුදුරුවෝ ප්‍රබල ඇමැති කෙනෙක් එක්ක ගැටබරුවේ රජ්ජු බණ්ඩාර දෙවියන්ට බාරයක් වෙන්න යයි! ඊළඟ දවසෙම ඇමැතිගේ ඇමැතිකම ගහලා යයි!
2022-04-09T07:59:00+05:30
Gossip Lanka Hot News





