gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වුණු “ගෝටා ගෝ හෝම්“ දෙවැනි උද්ඝෝෂණයටත් බාල්දියක්… ගෝල්ෆේස් වසයි!

රජයට හා ජනාධිපතිවරයාගේ අනම්‍ය හැසිරීමට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වෙමින් තිබූ “ගෝටා ගෝ හෝම්“ උද්ඝෝෂණයේ ඒකාරාශීවන ස්ථානය ලෙස නම් කර තිබූ ගෝල්ෆේස් පිට්ටනිය සාමාන්‍ය මහජනතාවට අද සිට වසා  දමා තිබේ.

එහි දැක්වෙන්නේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ගෝල්ෆ්ස් පිට්ටනිය වසා දමා ඇති බවත් කිසිම සාමාන්‍ය පුද්ගලයෙකුට ඊට ඇතුළු විය නොහැකි බවත්ය.

ගාලු මුවදොර පිටිය හදිසියේම සාමාන්‍ය ජනතාවට වසා දැමීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඊයේ  පාර්ලිමේන්තුවේ විමසා සිටි අතර කිසිවෙක් ඊට නිසි පිළිතුරක් ලබා දුන්නේ නැත.

සමාජ මාධ්‍යවල සංසරණය වූ දැන්වීමේ සඳහන් වූයේ දස ලක්ෂයක් සාමාන්‍ය ජනතාව දැවැන්ත උද්ඝෝෂණයක් සඳහා කොළඹ එන බවය.

මේ අයුරුන්ම අප්‍රේල් 03 සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වුණු ජනතා විරෝධය මැඩ පැවැත්වීම සඳහා රජය පැය 36ක් ඇඳිරිනීතිය පනවා පැය 15යි මිනිත්තු 30ක් සමාජ මාධ්‍ය අවහිර කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka