gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපතිතුමා අස්වෙන්න ඕනේ නෑ... තවම අපිට ජනතාවගේ සහය තියෙනවා... මේවා සුළු විරෝධතා... ඡන්දයක් ආවම අපේ බලය බලාගන්න පුළුවන් - ජොන්ස්ටන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවේ මිලියන 6.9 ක ජනතාවගේ සහය තවමත් පවතින බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කළ අමාත්‍ය ප්‍රනාන්දු කියා සිටියේ ජනාධිපතිවරයා තවමත් ජනවරම දරන බව තමන් විශ්වාස කරන බවයි.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ ජනාධිපතිවරයාට තවමත් ජනතා සහය පවතින බව ඔප්පු කිරීමට මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

මේ වන විට ක්‍රියාත්මක වන මහජන විරෝධතා සුළු විරෝධතා බව පැවසූ අමාත්‍යවරයා කෙසේ වෙතත් ජනතාව අර්බුදයකට මුහුණ දී සිටින බව තමන් පිළිගන්නා බවද පැවසීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka