රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ, පොලොන්නරු දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් වූ හිටපු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ බැඳිවැව පිහිටි නිවසට අද( 04 ) සවස 7 ට පමණ ප්‍රහාරයක් එල්ල කර තිබේ.
හිටපු ඇමතිවරයාගේ නිවසට තුන්සියයකට අධික විරෝධතා කරුවන් පිරිසක් කඩාපැන අලාභ හානි සිදුකර ඇති බව පොලොන්නරුව පොලිසිය කියයි.
පොළොන්නරුව නගරයේ සිට පාගමනින් පැමිණි මෙම විරෝධතාකරුවන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පොළොන්නරු දිස්ත්‍රික් කාර්යාලයටද වතුර බෝතල් ප්‍රහාරයක් එල්ල කොට ඇත.
අනතුරුව විරෝධතාකරුවන් සටන් පුවරු සහිත පාගමනින් පැමිණි රොෂාන් රණසිංහගේ ගෙවත්තට සහ නිවසට අලාභානි සිදුකර ඇති බවද පොලිසිය කියයි.
විරෝධතාකරුවන් රාත්‍රී 8,30 වන විටද නිවස දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් සිටියහ.
පිරිස් විසුරුවා හැරීමට පොලිස් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බව ද පොලොන්නරුව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධ පොළොන්නරු ජේෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ ගේ මෙහෙයවීමෙන් පොලිස් නිල නිලධාරී කණ්ඩායමක් විශේෂ පරීක්ෂණ ආරම්භ කොට ඇත,
