gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිනිස්සු බෙහෙත් නැතිව මැරෙන්න නියමිතයි… ජනපති තුමනි.. හමුවී කතා කරන්න ඉඩක් දෙන්න – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

දින කිහිපයක් ඇතුළත නොහැකි නම් සති කිහිපයක් ඇතුළත හෝ හදිසි සැපයුම් නැවත ලබාදීම සිදු නොකළහොත් හදිසි ප්‍රතිකාර ද කළ නොහැකි උග්‍ර තත්වයට රට ඇද වැටී ඇතැයි රටේ ජනතාවගේ සෞඛ්‍ය හා යහ පැවැත්ම පිළිබඳ ගොඩනැගෙමින් ඇති  අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  හදිසි හමුවක් ලබා දෙන ලෙස ද ඉල්ලමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන්  ලිඛිත ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ මෙරට රජයේ රෝහල්වල සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණවල උග්‍ර හිඟයක් පවතින බවය.

සාමාන්‍ය ශල්‍යකර්ම වැනි සමහර සේවා සීමා කිරීමට මෙන්ම ජීවිතයට තර්ජනයක් වන රෝගවලට අදාළව පවා ඇතැම් සැපයුම් සීමා කිරීමට දැනටමත් තීරණ ගෙන ඇති බව ද එම ලිපියේ දැක්වේ.

මෙම අර්බුදයෙන් මිදීම සඳහා බලධාරීන්ට සහාය ලබාදිය හැකි ආකාර හඳුනාගෙන ඒවා ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය තුළින් ලයිස්තුගත කිරීමට ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කටයුතු කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka