gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විශ්වාසභංග ගේන්නෙත් නෑ… ගේන්න දෙන්නෙත් නෑ… ආණ්ඩුව රකින බවට ශ්‍රී.ල.නි.ප.ය ජනපතිට සපථ වෙයි!

ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාකර ආණ්ඩුව ආරක්ෂා කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

රට පත්ව ඇති තත්ත්වය හමුවේ වැරදි නිවැරදි කරගනිමින් ඉදිරියට යනවා විනා මේ එළඹී ඇත්තේ ආණ්ඩුව වෙනස් කර තවත් ආණ්ඩුවක් බලයට පත් කරගැනීමට ක්‍රියාකළ යුතු කාලයක් නොවන බව මේ පිළිබඳ කළ විමසීමක දී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

තම පක්ෂය සෑම අවස්ථාවකම කල්පනා කළේ අගමැතිකම ජනාධිපතිකම හෝ වෙනත් තනතුරු නොව රට ගොඩගන්නේ කෙසේද යන්න බව පැවසූ එම ප්‍රකාශකයා සියලු දේශපාලන පක්ෂ හා නායකයින් වෙන කවරදාටත් වඩා අද වගකීමකින් කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා රැසක් මේ වනවිට ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති බවත් එය රටත් ජනතාවත් ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් හෙතෙම කීය.

මේ අතර ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ඇතැම් පාර්ශවයන් කටයුතු කළ ද තම පක්ෂය එතැන නැති බව පසුගියදා ජනාධිපතිවරයා හමුවේ පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින්  දැනුම් දී තිබේ.

යම් හෙයකින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවොත් ආණ්ඩුව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් තම පක්ෂය කටයුතු කරන බව පවසා තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka