දැනට අක්‍රීය කර ඇති සියලුම සමාජ ජලා යළි සක්‍රීය කරන ලෙස මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විදුලි සංදේශ නියාමන කොමිසමට සහ දුකරථන සමාගම්වලට දැනුම් දී තිබේ.
අද පැවැත්වීමට නියමිත යැයි විශ්වාස කළ ජනතා උද්ඝෝෂණය පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමග රජය රට තුළ පැය 36ක දැඩි ඇඳිරි නීතියක් පනවා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියලුම ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලා අවහිර කළේය.
අද උදේ රජය ඒ සම්බන්ධව සිය නිල නිවේදනය නිකුත් කළේය.
එහෙත් අද උදේ වරුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ වීපීඑන් තාක්ෂණය භාවිතා කරමින් රජය විසින් අවහිර කරන ලද ට්විටර් ජාලය ඔස්සේ ප්‍රකාශයක් කළේ මෙවැනි තහනම් කිරීම් ප්‍රායෝගික නොවන බවයි.
-කීර්ති ප්‍රනාන්දු
