gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සනත් නිශාන්තගේ මැර සොයුරාට නීතිය ක්‍රියාත්මක කළ ආරච්චිකට්ටුව අපරාධ අංශයේ ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්!

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා වූ ආරච්චිකට්ටුව  ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ වත්මන් ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට මුල්වූ ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයා වහාම  ක්‍රියාත්මකවන පරිදි අද උදෑසන සිට ස්ථාන මාරුකර යවා තිබේ.

ඔහු මාරවිල පොලිස් ස්ථානයට මාරුකර යවා ඇතැයි වාර්තා වේ.

එසේ ඔහුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ අත්අඩංගුවට ගත් රාජ්‍ය ඇමති සහෝදරයාට ඇප නොලැබෙන අයුරින් අධිකරණයට කරුණු වාර්තා කිරීම හේතුවෙන් බව පැවසේ.

පසුගිය අප්‍රේල් 02 දා ජවිපෙ සහ එජාපයේ ක්‍රියාකාරීන් සිව් දෙනෙකුටත් ඔවුන්ගේ නිවාස සහ දේපොල වලටත්  අලහාභානි කිරීම සම්බන්ධයෙන්   සනත් නිශාන්තගේ  සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ වත්මන් මන්ත්‍රී ජගත් සමන්ත  ආරච්චිකට්ටුව පොලීසිය විසින්   අත්අඩංගුවට ගන්නේ  පසු ගිය 22 දාය. ඒ දින 19ක් පොලිසියට කට්ටි පනිමින් සිටීමෙන් අනතුරුවය.

ඔහුව අත්අඩංගුවට ගැනීමට හලාවත කොට්ඨාස  භාර පොලිස් අධිකාරී ලලිත් රෝහණ   විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබුණි.

සැකකාර ජගත් සමන්ත   ඔහුට අයත් ආරච්චිකට්ටුවේ පිහිටි ඉස්සන් ගොවිපොලක රැදී සිටින බව පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරකට අනුව ඔහු යටතේ ක්‍රියාත්මක විශේෂ පොලිස් කණ්ඩායම ආරච්චිකට්ටුව පොලීසිය සමඟ එක්ව මෙම අත්අඩංගුවට ගැනීම  කළේය.

එම අවස්ථාවේදී ඔහු කලපුවට පැන පළායාමට උත්සහ  කළ බවත්    පසුව පොලීසියට සිය දේශපාලන හයිය පෙන්වීමට පවා උත්සහා දරා ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ජගත් සමන්ත ඇතුළු පිරිස ජවිපෙ හලාවත ආසන සංවිධායක අජිත් ගිහාන් ටත් ඔහුගේ නිවසටත් එජාපයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට සහ ඔහුගේ නිවසටත් පහරදී තිබුණි. මෙම පහරදීම්වලින් සිව් දෙනෙක් තුවාල ලැබීය.

ඒ එක් අයෙකුගේ හිසට මැහුම් 10 ක් යොදන තරමට තුවාල සිදුවී තිබුණු බව පොලීසිය සඳහන් කළේය. මොවුන් කළ පහරදීම්වලින් වෑන් රථ දෙකකට , යතුරු පැදි දෙකකට සහ ත්‍රී රෝද රථයකට හානි සිදුව ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka