gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ගෙ ආණ්ඩුවේ හොරු අල්ලන-හොරකම් කරපු සල්ලි ලංකාවට ගේන වගකීම යුද්දෙ දිනපු වීරයා ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට බාර දෙයි!

මාස තිහක් ඇතුළත රාජපක්ෂ පවුල විසින් අපේ රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් කළ බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ රටේ ජාතික ජාතික සම්පත්, ජාතික දේපල, ජාතික ධනය හොරා කෑ නිසා එවන් බංකොලොත් තැනකට රට තල්ලු වූ බවද ඒ මහතා පැවසීය.

දූෂණය හොරකම මැඩලීම වෙනුවෙන් ස්වාධීන බලවත් ආයතනයක් පිහිටුවන බවත්, එය කිසි ලෙසකින් වත් වෙනස් කළ නොහැකියි ස්ථිර ආයතනයක් ලෙස බලගන්වන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ හොරු අල්ලන වගකීම පැවරෙන්නේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට බව පැවසූ විපක්ෂ නායකතුමා කුමන හේතුවකටවත් එය වෙනස් නොවන බවද පැවසීය.

ජනතාවගේ මුදල් සොරා කෑ චූදිතයින් අධිකරණය අභියසට රැගෙන ගොස් දඬුවම් පැමිණවීමේ වගකීම්සහගත බලය, තිස් වසරක යුද්ධය නිමා කළ සරත් ෆොන්සේකා මහතාට පවරන බව ඒ මහතා කීය. අන් කිසිවකු සමඟ සමග සමගි ජන බලවේගයට ඩීල් නැති බව පැවසූ විපක්ෂ නායකතුමා, තමන්ට ඩීල් ඇත්තේ මේ රටේ ලක්ෂ 220 ක ජනතාව සමඟ පමණක් බවද පැවසීය.

ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නිදහස් අරගලයේ “සමගි බල පා ගමන” අද (28) තෙවැනි දිනයට ගලිගමුවෙන් ආරම්භ විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම පා ගමනට එක්ව සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka