gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින අය වහාම හෙළිකරන්න! පාප් වහන්සේගෙන් ලංකාවෙ ආණ්ඩුවට දරුණු පණිවුඩයක්!

2019 පාස්කු ප්‍රහාරය පිටුපස පසුපස සිටින්නේ කවුරුන්ද යන්න හෙළි කරන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳුදා ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. 279 දෙනෙකුට මරු කැඳවූ පල්ලි තුනකට සහ හෝටල් තුනකට එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් 60කට අධික පිරිසකගෙන් යුත් දූත පිරිසක් හමුවෙමින් පාප් වහන්සේ රාජපක්ෂ පාලනයෙන් ඉල්ලා සිටියේ ඇත්ත හෙළි කරන ලෙසය.

“කරුණාකර, යුක්තිය සඳහා ඇති ආදරය නිසා, ඔබේ ජනතාව කෙරෙහි ඇති ආදරය නිසා, මෙම සිදුවීම්වලට වගකිව යුතු සියල්ලන්ටම එය වරක් පැහැදිලි කිරීමට ඉඩ දෙන්න,” පාප් වහන්සේ කොළඹට ආයාචනය කරමින් කියා සිටියහ.

“මෙය ඔබගේ හෘද සාක්ෂියට සහ ඔබගේ රටට සාමය ගෙන එනු ඇත.”

විපතට පත්වූවන් ඇතුළු ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් 3500ක් පමණ අමතමින් පාප් වහන්සේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවටද ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකිවේවායි තමන් යාඥා කරන බවයි.

සඳුදා පාප් වහන්සේ හමුවීමට පෙර ශාන්ත පීතර බැසිලිකාවේ දේව මෙහෙය පැවැත්වූ ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියේ ප්‍රධානී මැල්කම් රංජිත් හිමිපාණන් තම රට තුළ “යුක්තිය සහ වෙනසක්” ඉල්ලා සිටියේය.

“අපට අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට ඕනෑම ආධාරයක් ලබා දීමට පෙර, ඔවුන් කටයුතු කර ඇති ආකාරය වෙනස් කළ යුතු බව රජය තේරුම් ගත යුතු බව අවධාරනය කිරීමයි,” යැයි කාදිනල් හිමියන් වතිකානු ගුවන් විදුලියට පැවසීය.

මෙම අවස්ථාවට කාදිනල් හා මොන්සීන්නොර් නෙවිල් ජෝ පියතුමාද සහභාගී වී සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka