කටුනායක ගුවන්තොටුපොළේ පොහොට්ටුවේ පක්ෂ කාර්යාලයක් හදන්න වියදම් කරන්නේ කාගේ මුදල් ද?
කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයක් අද විවෘත කිරීමට නියමිත බව වාර්තා වුණා. එම පරිශ්‍රයේ අවන්හලක් ඉදිරිපිට බහලුමක එම කාර්යාලය ස්ථාපිත කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයෙකු වන චන්දිම හෙවත් ජැෆ්මා නමැත්තෙකුගේ මූලිකත්වයෙන්.
මෙම කාර්යාලය ඉදිකිරිම සඳහා බහාලුම් පෙට්ටි 02ක් යොදා ගෙන ඇති අතර ඒ සඳහා අතිකාල දීමනා සහිතව සේවකයින් ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
රටේ වර්තමානයේ පවතින අර්බුද හමුවේ මෙවැනි කාර්යාලයක් ස්ථාපිත කිරීම කටුනායක ගුවන්තොටුපොල නිලධාරීන් මෙන්ම සේවකයන්ගේද දැඩි විවේචනයට ලක්වී තිබෙනවා.
ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීමට මෙවැනි දේ සිදු කිරීම නොව රට ගොඩනැගීම සදහා සියළු පාර්ශවයන්ගේ සහාය ලබාදිය යුතු බවයි.
- නෙත් ගොසිප්
කටුනායක ගුවන්තොටුපොළේ පොහොට්ටුවේ පක්ෂ කාර්යාලයක් හදන්න වියදම් කරන්නේ කාගේ මුදල් ද?
2022-04-27T16:27:00+05:30
Gossip Lanka Hot News





