gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිමල් සිරිපාලට සෞඛ්‍ය ඇමතිකම, උද්දිකට සංස්කෘතික ඇමතිකම ගන්නැයි දැනුම් දේ!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල සිල්වා මහතාටත් සෞඛ්‍ය අමාත්‍ය ධුරයත් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාටත් සංස්කෘතික අමාත්‍ය ධුර ආණ්ඩුවේ පාර්ශවයෙන් යෝජනා කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ ආකාරයේ විවිධ වරදාන තනතුරු ලබාදීමට පොරොන්දු වෙමින් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පිරිස් ආණ්ඩුවට එක් කර ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතාගේ උවමනාව මත සිදුකරන මෙම සඳහා සාකච්ඡා කිරීමට පැමිණෙන්නේ ජයන්ත කැටගොඩ, රේණුක පෙරේරා, සංජීව එදිරිමාන්න යන පිරිස් බවද හෙතෙම පැවසීය.

එමෙන්ම රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ යන අයද ම මෙහෙයුමේ ක්‍රියාකාරීව සිටින බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

‘හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ එයා තාම මැච් එක අතෑරලා නෑ.අපේ පක්ෂ එකොළහේ මන්ත්‍රී කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයෙක්ගෙ ගෙදරට යනවා රේණුක පෙරේරා බැසිල් රාජපක්ෂගේ කුක්කෙක්.සංජීව එදිරිමාන්න. බැසිල් රාජපක්ෂගේ හුරතල් සතෙක්.

ඊළඟට යනවා කැටගොඩ මන්ත්‍රීවරයා. පාන්දර දෙකට යන්නෙ. ආයේ උදේ අටහමාරට එන්නෙ. මොනවද යෝජනා කරන්නෙ. දෙන දොළපිදේනි ගැන ඇමතිකං ගැන. ඒ කියන්නෙ මේ බැසිල් රාජපක්ෂ කියන පාපතරයා තාමත් බලනවා මේ රටේ එක එක සෙල්ලම් වෙට්ටු දාලා මේක අල්ලගෙන ගැටගහලා තියාගන්න’


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka