මිනිස්සු කාල්ටන් වටලති… සවස 3ට ආණ්ඩුවේ සියලුම සාමාජිකයන්ට ජනපතිගෙන් විශේෂ කැඳවීමක්!
මිනිස්සු රාජපක්ෂවරුන්ගේ බලකොටුව වූ කාල්ටන් නිවස වටලා සිටිති.
මේ අවස්ථාව වනවිට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නිවස අසලට කැඳවා තිබේ. නිවාස පරිශ්‍රයේ සිවිල් ඇඳුමින් සැරසුණු ආයුධ සහිත පිරිසක් සිටින බව වාර්තා වේ.
රාජපක්ෂ පාලනය නිමා කරන ලෙස ඉල්ලමින් රාජපක්ෂලාගේ නිජ භූමියෙන් ඇරඹී ඇති විරෝධය ඇවිලෙන්නේ අද උදේ තංගල්ල බස් නැවතුම්පලෙනි.
බස් නැවතුම්පලේ උද්ඝෝෂණය කළ පිරිස පා ගමනින් කාල්ටන් නිවස වෙත පැමණියේ යොදවා තිබූ පොලිස් මාර්ග බාධක තුනක් බිඳ දමමිනි.
නිරායුධ සිවිල් මිනිස්සු අතර සිවිල් ක්‍රියාධරයෝ සැලකිය යුතු පිරිසක් සිටිති. මේ වනවිටත් සිවු දෙසින් මිනිසුන් එම ස්ථානයට එකතු වෙමින් සිටින බව වාර්තා වේ.
කාල්ටන් නිවසේ ආරක්ෂාව තර වෙද්දී අද සවස තුන හමාරට ආණ්ඩුවේ සියලුම මැති ඇමති රාජ්‍ය ඇමති මන්ත්‍රීවරු ඇතුළු සෑම සාමාජිකයෙකුටම ජනාධිපතිවරයා විසින් කැඳවීමක් කර තිබේ. එම කඳවීමට ආණ්ඩුවෙන් වෙන්ව ගිය පක්ෂ 11 සාමාජිකයන් ද ඇතුළත්ය.
සෑම දෙසින්ම නැගෙන ජනතා විරෝධය උග්‍ර වීමත් සමග වහාම කඩිනම් පියවරක් ගැනීමට රජය සූදානමින් සිටින බව වාර්තා වේ.
මිනිස්සු කාල්ටන් වටලති… සවස 3ට ආණ්ඩුවේ සියලුම සාමාජිකයන්ට ජනපතිගෙන් විශේෂ කැඳවීමක්!
2022-04-04T13:20:00+05:30
Gossip Lanka Hot News





