පාර්ලිමේන්තුව ආසන්නයේ ප්‍රදේශ කිහිපයක ම මේ වන විට විරෝධතාකරුවන් ඒකරාශී වී ඇත.
දැනටමත් පාර්ලිමේන්තුව ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක බලඇණි උපරිම වශයෙන් යොදවා තිබේ.
අද පැවැත්වෙන පාර්ලිමේන්තු ව ඉතා තීරණාත්මක එකක් බව වාර්තා දැනගන්නට ඇත්තේ ආණ්ඩු පක්ෂයේ බහුතර බලය ඔවුන්ගෙන් ගිලිහී යාමේ වැඩි ඉඩක් නිර්මාණය වී තිබීම මතයි.
මේ අතර නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඒ බව දන්වා ඇත.
