gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මරණීය දවස් 90ක්… නිකුත් කරන ණයවර ලිපි වලින් ඖෂධ එන්න දින 100න් පස්සේ… ඉන්දුනීසියාවෙනුත් සෞඛ්‍ය අධාර!

රුපියල් මිලියන 340ක් වටිනා ඖෂධ ලංකාවට ලබා දීමට ඉන්දුනීසියාව එකඟවී ඇති බව සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන පවසයි. එම ආධාරය ලැබෙන්නේ ලබන බදාදා (26) ඉන්දියානු රජයෙන් ලැබෙන ඖෂධ වර්ග 101කට අයත් ඖෂධ සහ වෛද්‍ය උපකරණවලට අමතරව බව ද ඇමතිවරයා කියයි.

රට මේ වනවිට ඇත්තේ බරපතල ඖෂධ හිඟයකය.

අකොළඹ වෛද්‍ය සැපයුම් අංශය තුළ මේ වන විට ඖෂධ වර්ග 525ක සහ ශල්‍ය ද්‍රව්‍ය 5376ක තොග අවසන්ව ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පසුගිය 21 දා හෙළිදරව් කළේය.

රට තුළ ඖෂධ වර්ග 1358ක් තිබිය යුතු අතර මේ වන විට ඇත්තේ ඉන් සියයට 38.7ක් බවත් ශල්‍ය ද්‍රව්‍ය 8553න්  දැනට පවතින්නේ සියයට  62.9ක ප්‍රතිශතයක් පමණක් බවත් එම සංගමය  කීවේය.

මේ අතර ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 6ක් ,  අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 329ක් හා  කලාතුරකින් අවශ්‍ය වන ඖෂධ 280 ද වන අතර  අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය 2721 මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය තුළ තොග අවසන්ව ඇතැයි  හෙළි කළේය.

ඊට පිළිතුරු දෙමින්  සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන කීවේ ඖෂධ හිඟයට හේතුව පසුගිය  දෙසැම්බර් මාසයේ සිට  විදේශයන්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා ණයවර ලිපි විවෘත නොකිරීම බව පැහැදිලි කළේය.  ඊට හේතුව ලෙස දැක්වූයේ විදේශ විනිමය නොමැති වීමය.

ඊයේ ඖෂධ ප්‍රමාණයකට ණයවර ලිපි නිකුත් කළත් එම ඖෂධ රටට ලැබෙනු ඇත්තේ තව දින 100කින් බව ඇමතිවරයා කීවේය. දින අනූවක් අල්ලාගෙන සිටියොත් අවුරුද්දක් ඖෂධ හිඟයක් ඇති නොවන බව ඔහු  පැවසුවේය.

ඒ දින 90 අල්ලා ගැනීම සඳහා විවිධ මිත්‍ර රාජ්‍යවලින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්  ඖෂධමය වශයෙන් ආධාර බලාපොරොත්තු වන බවත් කීවේය.

ඊයේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 19.2කට අදාළ ඖෂධ වර්ග 186කට අදාළ ණයවර ලිපි නිකුත් කර තිබිණි.

ශ්‍රි ලංකාවට හදිසි ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම ඇතුළු අත්‍යවශ්‍ය සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 21.7ක මුදලක් වහාම නිදහස් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව කටයුතු කර තිබුණත් සෞඛ්‍ය ඇමතිවරයාගේ පැහැදිලි කිරීම අනුව මේ මුදලින් ඖෂධ ලබා ගත හැක්කේ තවත් දින 100කින් පසුවය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka