මේ වනවිටත් ගාලු මුවදොර උද්ඝෝෂණය ක්‍රියාත්මකය.
ජනාධිපති ලේකම් කාර්යාලය අසල විශාල පිරිසක් රැඳී සිටිති. ඔවුන් මහ ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් අවහිර කර උද්ඝෝෂණය කරති.
උදේ නවයයි විස්සට පමණ රැස් වූ පිරිසගේ තේමාව වූයේ දිවයිනේ තැන් තැන්වල විසිරී කරන උද්ඝෝෂණ එකම අරගල භූමියකට රැගෙන ඒමය.
අබාධිත රණවිරුවන්, ශ්‍රවන ආබාධිත ප්‍රජාව, කලාකරුවන්, තරුණයින්, සමාජ ක්‍රියාකාරිකයින් විවිධ සමාජතලවල වෘත්තිකයින් මේ අවස්ථාවට එක් වී සිටියේය.
හමුදාව සහ පොලිසිය ඉතා ඉවසිලිවන්තව වෘත්තීය මට්ටමකින් රාජකාරි කරමින් සිටිති. දැනුත් ඒ ආකාරයෙන්ම ආරක්ෂාව සපයමින් සිටිති.
කිසිම දේශපාලන පක්ෂ භේදයකින් තොරව සිදුවන මෙම උද්ඝෝෂණය පිළිබඳ මේ අවස්ථාව වනවිට ලෝකයේම අවධානය යොමු වී ඇත.
ඒ අතර අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට හමුදා පිරිස් අතරින් පැමිණෙන සිවිල් ඇඳුමින් සැරසුන පුද්ගලයෙක් ජනධිපති ලේකම් කාර්යාලයේ සිට අමුතුම සන්දර්ශයනයක් උද්ඝෝෂකයන් ඉදිරියේ දමන අයුරු දක්නට ලැබිණි.
ඔහු එන්නේය. හින්දි චිත්‍රපටයක වීරයා මෙන් අරගල කරුවන් ඉදිරියේ අමුතු ආකාරයේ යූ ටර්න් එකක් ගස්‍න්නේය. හිස ඇල කර බලන්නේය.
මේ ඉන්නේ ජනාධිපති කාර්යාලය ඇතුළේ සිට පැමිණි ඒ “නළුවා“ය. ඔහු කවුදැයි ඔබ දන්නවා ද බලන්න.
කෙසේ වෙතත් රටින් පිටව ගියා යැයි ප්‍රකාශ වුණු නිශ්ශංක සේනාධිපති රටට පැමිණ සුපුරුදු රාජකාරි ආරම්භ කළ බව අද රජය පාර්ශවයේම ආරංචි මාර්ග පැවසුවේය.
-lankasara
