ණය අත්හිටුවීමෙන් ඉන්ධන සැපයුම බිද වැටේ! විදෙස් සැපයුම්කරුවන් දැඩි කොන්දේසි දමති!
විදේශ ණය ගෙවීමට නැවත දැනුම් දෙන තුරු අත්දැකීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයත් සමග එක්සත් අරාබි එමිර් රාජ්‍ය ප්‍රධාන සැපයුම්කරුවකු වෙතින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන සපයා ගැනීම අර්බුදයට ලක්ව තිබේ.
මෙම තත්ත්වය මත ඉදිරි මාස කිහිපය තුළ අනෙකුත් සැපයුම්කරුවන්ගෙන් ද මෙවැනිම තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන සැපයුම්කරු හරහා මෙට්‍රික් ටොන් 95,000ක බොරතෙල් නැව්ගත කිරීම සදහා කලින් එකග වූ දින දෙසීයකට ණය කාල සීමාව දැන් එය දින අසූවකට සීමා කර තිබේ.
මෙම තත්ත්වය මත සපුගස්කන්ද පිරිපහදුව යළි පණ ගැන්වීමේ සැලසුම අඩාළ වී ඇත.
ණය ආපසු නොගෙවීමට තීරණය කිරීම මත සෞදි අරාබිය, කුවේට්, ඔ්මානය යෝජිත ඉන්ධන මිලදී ගැනීම් වලට ද දැඩිව බලපානු ඇති බවද වාර්තා වෙයි.
ණය අත්හිටුවීමෙන් ඉන්ධන සැපයුම බිද වැටේ! විදෙස් සැපයුම්කරුවන් දැඩි කොන්දේසි දමති!
2022-04-24T16:15:00+05:30
Gossip Lanka Hot News






