තාත්තා අගමැතිකමෙන් යන්නෙ නෑ... ඉවත් කලොත් මං විපක්‍ෂයට යනවා - නාමල් ජනපතිට කියලා
තම පියා වන මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද පවසා තිබේ.
නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදීය.
අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කරන්නේ නම් පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සමඟ තමන් විපක්ෂයට යන නාමල් රාජපක්ෂ මහතා පවසා ඇතැයි වාර්තා වෙයි.
පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්‍ෂයක ජනතාව ඡන්දය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ පිළිබඳ වූ විශ්වාසය මත බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී පවසා ඇතැයිද ජාතික පුවත්පතක් වාර්තා කර ඇත.
තාත්තා අගමැතිකමෙන් යන්නෙ නෑ... ඉවත් කලොත් මං විපක්‍ෂයට යනවා - නාමල් ජනපතිට කියලා
2022-04-29T13:57:00+05:30
Gossip Lanka Hot News





