ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය තහනම් කිරීමට ගත් තීරණය නැවත සලකා බලන ලෙස ඩිජිටල් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරමින් පල කර ඇති ට්විටර් පණිවුඩයට දෙරණ හිමිකරු දිලිත් ජයවීර මහතා විවේචනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබේ.
දිලිත්, එයට ප්‍රතිචාර දක්වමින් විමසා ඇත්තේ ඩිජිටල් අමාත්‍යවරයා ඔබ නොවන්නේද? ඔබට ඔබේ බාප්පාට කිව නොහැකි දැයි? යනුවෙනි.
ඔහු එයට #පිස්සුපීකුදු ලෙස හෑෂ් ටැග් එකක්ද යොදා තිබීම විශේෂිතය.
ඊට පිළිතුරු දී ඇති අමාත්‍යවරයා දිලිත්ට පවසා ඇත්තේ තමා මේවන විටද එයට විරෝධය දක්වා ඇති බවයි. එසේම තම බාප්පා දිලිත්ගේද මිතුරකු නොවෙදැයි විමසන අමාත්‍යවරයා ඔහුට එය බාප්පාට කිව නොහැකිදැයි ද විමසා සිටී.
අදාළ ට්විටර් ප්‍රතිචාරය පහත දැක්වේ.
යූ ටියුබ් සඳහා බාධා පැමිණීම හේතුවෙන් දිලිත් ජයවීර මහතාගේ ප්‍රධාන ආදායම් මාර්ලගයක් සඳහා ප්‍රබල බාධාවක් ඇතිව ඇති බව මේ අතර වාර්තා වේ.
අගමැති වෙනස් වෙයි?
මේ අතර, ආණ්ඩුවට සහය දක්වන පක්ෂ විසින් අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් සිදුකරන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, අග්‍රාමාත්‍ය ධූරයට රාජපක්ෂවරයකු නොවන අයකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින්ම පත්කර ගැනීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා ඇති බව පැවසේ.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් පාර්ලිමේන්තුවේ පක්ෂවල සහභාගීත්වයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයාට යෝජනා කර ඇති බවද පැවසේ.
එම තීරණය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, සිය අමාත්‍ය තනතුරුවලින් ඉවත් ව ස්වාධීන ව කටයුතු කිරීමට පක්ෂය තීරණය කර ඇති බවද මහ ලේකම්වරයා මීට පෙර පවසා තිබිණි.
