gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හමුදා නිල ඇඳුමින් පාර්ලිමේන්තුව අසලට අංක තහඩු නොමැති යතුරු පැදි වලින් හමුදාවක් කඩා පනී (VIDEO)

පාර්ලිමේන්තු පිවිසුම ඉදිරියේ දී ඊයේ පැවති විරෝධතාවයකට අංක තහඩු නැති යතුරු පැදි කිහිපයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.

නමුත් එම පිරිස් යුද හමුදාවේ සෙබළුන් බව යුද හමුදාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහිදී පොලිස් නිලධාරීන්ගේ නොමනා හැසිරීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් කරන්න යුද හමුදා පතිවරයා විසින් පොලිස්පතිගෙන් ඉල්ලා ඇතැයි යුද හමුදාව විසින් නිවේදනය කරයි.

පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයා නියෝග කර ඇති බවයි.

යුධ හමුදාව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සබැදිව යුද්ධ හමුදාධිපතිතුමා විසින් ඔවුනට එරෙහිව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

එයට පොලිස්පතිතුමා වහාම ඒ පිළිබද කටයුතු කරන බව යුද්ධ හමුදාධිපතිතුමාට දැනුම් දී තිබෙනවා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් ද මේ බව පොලිස්පතිතුමාට සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්තුමාට මේ ආකාරයෙන්ම මේ සඳහා වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න
අධ්‍යක්‍ෂ ජනමාධ්‍ය
යුද්ධ හමුදා මුලස්ථානය
gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka