මිරිහාන ප්‍රදේශයේ පෙරේදා (31) රාත්‍රීයේදී පැවති මහජන විරෝධතාවයට සම්බන්ධවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ මානව හිමිකම් කඩවී ඇත්දැයි සොයා බැලීමට මානව හිමිකම් කොමිසම විමසීම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීමට අදාළව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මානව හිමිකම් කොමිසම ලබන අගහරුවාදා රැස්වීමටද නියමිතය.
රජය හෝ වෙනත් පාර්ශවයකින් අදාළ සිදුවීමේදී මානව හිමිකම් කඩවීමක් සිදු වී ඇතිනම් ඒ පිළිබඳව ගත යුතු නිර්දේශ පිළිබඳව එදිනට අවධානය යොමු කරන බවද මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සියලූ පුද්ගලයින්ගේ සියලූ තොරතුරු මේ වනවිට තමන්ට ලැබී ඇති බවද මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.
මේ අතර එදින විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි බවද මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.
