gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික වෘත්තිය සමිති දහසක් අද දිවයින පුරා වැඩ වර්ජනයක!

ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රවල වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් අද (අප්‍රේල් 28) දැවැන්ත සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිත ය.

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ නියෝජිත රවී කුමුදේශ් මහතා මේ බව පැවසීය.

ඔහු සඳහන් කළේ, “රට මහ ජනතාව නැවත ගොඩ ඒමට නොහැකි අර්බුදයක හිර කරමින් තවදුරටත් බලය රැක ගැනීම සඳහා ජනතාව විහිළුවකට ලක් කරමින් සිටින වර්තමාන ජනාධිපතිවරයා ත්, අගමැතිවරයා ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව වහා ම රට පාලනය කළ හැකි කණ්ඩායමකට රට පවරා ඉවත් විය යුතු බව ත් විපක්ෂය ඇතුළු සියලු පක්ෂ නායකයින් සහ පාර්ලිමේතු මන්ත්‍රීවරුන් රට දියුණු පාලන ක්‍රමයක් ගෙන එන තුරු, මහ ජනයාගේ අභිලාෂයන් ජයග්‍රහණය කරවීම සදහා ඉදිරියට පැමිණිය යුතු” බව ය.

ඒ අනුව වරාය, දුම්රිය, විදුලි, තැපැල්, සෞඛ්‍ය, ගුරු, වතු සේවක, බැංකු, සමෘධි, සංවර්ධන නිලධාරී, කම්කරු, වෙළෙඳ කලාප ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති එම වැඩ වර්ජනයට එක්වනු ඇත.

‘ජන මතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාව යටතේ මෙම වෘත්තීය අරගලය සංවිධාන කර තිබේ.

මෙම වර්ජනයට සමගාමීව අද මරදාන-ටෙක්නිකල් මංසන්ධියේ සිට කොළඹ කොටුව දක්වා විරෝධතා පා ගමනක් සැලසුම් කර ඇති අතර, සෞඛ්‍ය සේවය ඇතුළු ආයතනවල පැය දෙකක විරෝධතා ක්‍රියාමාර්ග සිදුකිරීමට ද නියමිත ය.

මෙම වර්ජනය හේතුවෙන් රාජ්‍ය සේවාවලට බාධා එල්ල විය හැකි බව ත් ඒ හේතුවෙන් කාර්යාලවලින් ඉටුකර ගැනීමට අපේක්ෂාවෙන් සිටින සේවා සඳහා විකල්ප දින සැලසුම් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය දැනුම් දී ඇත.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේ රාජකාරි සඳහා වාර්තා කරන බවට සේවකයින් දැනුම් දී තිබුණ ද ඔවුන් නොපැමිණීම හේතුවෙන් දුම්රිය සුළු ප්‍රමාණයක් ධාවනය කෙරෙන බව ය.

ඒ හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීමට විකල්ප ක්‍රමවේද අනුගමනය කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

කෙසේ වෙතත්, ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනය වන බවට වාර්තා වන අතර ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ, ලංගම සහ පෞද්ගලික බස් රථ අද දිනයේ ධාවනය කරන බවට දැනුම් දී තිබුණු බව ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka