රංගන ශිල්පිනී අනුෂා සොනාලි දිවි රඟ මඬල නිමා කරයි
ප්‍රකට සිනමා නිළි අනුෂා සොනාලි අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ජීවිතයෙන් සමුගත්තාය. මියයන විට ඇය 49 වන වියෙහි පසුවූවාය.
වැඩත් හොඳයි චිත‍්‍රපටයේ පොඩි කොටසක් රඟපෑමෙන් සිනමාවට පිවිසි බව පවසා තිබේ.
සාමාන්‍ය පෙළ පන්තියේදී සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි චිත්‍රපටයට ඇයව තෝරාගෙන තිබුණි.
1990 දශකයේ ඇය වෘත්තීය වශයෙන් සිනමාවට පිවිසෙන්නීය. ලොකුදුව,විසිදැල, සළුපට අහසට,හඩන කිංකිනි,දරු උපත,මමත් ගැහැණියක්,පුතා මගේ සූරයා හා 2019 දී අවසන් වරට සංගිලි චිත්‍රපටයට ඇය දායක වී තිබේ.
ඇයට 21 හැවිරිදි පුතෙකුද සිටින අතර ඇගේ මවගෙන් පැවතෙන මංශ පේශී අක්‍රීයවීමේ රෝගයකින් අවසන් කාලයේ පීඩා වින්දාය. මේ හේතුවෙන් රෝද පුටුවකට සීමාවී ඇය ජීවිතය ගත කළාය.
අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.
රංගන ශිල්පිනී අනුෂා සොනාලි දිවි රඟ මඬල නිමා කරයි
2022-04-28T09:12:00+05:30
Gossip Lanka Hot News





