gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රංගන ශිල්පිනී අනුෂා සොනාලි දිවි රඟ මඬල නිමා කරයි

ප්‍රකට සිනමා නිළි අනුෂා සොනාලි අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ජීවිතයෙන් සමුගත්තාය. මියයන විට ඇය 49 වන වියෙහි පසුවූවාය.

කළුතර උපන් අනුෂා කළුතර බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත. ඇයට අවුරුදු දෙකහමාරෙදී හිතත් හොඳයි. 

වැඩත් හොඳයි චිත‍්‍රපටයේ පොඩි කොටසක් රඟපෑමෙන් සිනමාවට පිවිසි බව පවසා තිබේ.

සාමාන්‍ය පෙළ පන්තියේදී සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි චිත්‍රපටයට ඇයව තෝරාගෙන තිබුණි.

1990 දශකයේ ඇය වෘත්තීය වශයෙන් සිනමාවට පිවිසෙන්නීය. ලොකුදුව,විසිදැල, සළුපට අහසට,හඩන කිංකිනි,දරු උපත,මමත් ගැහැණියක්,පුතා මගේ සූරයා හා 2019 දී අවසන් වරට සංගිලි චිත්‍රපටයට ඇය දායක වී තිබේ.

ඇයට 21 හැවිරිදි පුතෙකුද සිටින අතර ඇගේ මවගෙන් පැවතෙන මංශ පේශී අක්‍රීයවීමේ රෝගයකින් අවසන් කාලයේ පීඩා වින්දාය. මේ හේතුවෙන් රෝද පුටුවකට සීමාවී ඇය ජීවිතය ගත කළාය.
අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka