gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය හොරෙක් යයි ඔප්පු කලොන් හෙට මන්ත්‍රී ධුරය අත්හරිනවා - මහින්දානන්ද අලුත්ගමගේ

ගෝඨාභය රාජපක්ෂ මහතා හොරකම් කළ බවට ඔප්පු වී ඇති එක වර්තාවක් හෝ සභාගත කළ හොත් තමා හෙට පාර්ලිමේන්තු ධුරයෙන් ඉවත් වන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විශේෂ අධිකරණයක් පිහිටුවා දවසින් දවස නඩු අසමින් රාජපක්ෂ මහතා හිරේ දමන්නට පසුගිය ආණ්ඩුව උත්සාහ කළ බව පැවැසූ මන්ත්‍රීවරයා එහෙත් ඔවුන්ට පසුගිය අවුරුදු පහටම හොරෙක් හොයා ගන්න බැරි වුණ බව මන්ත්‍රීවරයා කීවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆයිල් වසා දමා ඇති බවට රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වරුණ ලියනගේ මහතා කළ චෝදනාවට පිළිතුරු දෙමින් අලුත්ගමගේ මහතා එසේ කියා සිටියේය.

රාජපක්ෂ මහතා හොරකම් කළ වැලි ඇටයක හෝ අබ ඇටයක දෙයක් සොයා ගැනීමට හැකි වූයේ නම් එතුමා අද ජනාධිපති මැඳුරේ වෙනුවට සිපිරි ගෙයක සිටිනු ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හිරේ දාන්න විශේෂ අධිකරණයක් හදලා දවසින් දවස නඩු ඇහුවා. එහි මිග් යානා ඇතුළු හැමදේම හෙව්වා. හොයලා තිබෙන හැමදේටම නඩු දැම්මා. ඒත් ඒ අවුරුදු පහේම ගෝඨාභය හොරෙක් කියලා හොයා ගන්න බැරි වුණා යැයි ද හෙතෙම කීවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka