gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මේ විදියට රට ගෙනයන්න බෑ... පක්ෂ නායකයන් එක්ව අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්න - කථානායක

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද (අප්‍රේල් 20) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පවත්වා තිබේ.

එහිදී කතානායකවරයා විශේෂයෙන් පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා ඇත්තේ, රට මේ ආකාරයෙන් වත්මන් ආණ්ඩුව යටතේ පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බැවින් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් එක්වී අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ය.

පක්ෂ නායකයන් එක්ව අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම දැනුම්වත් කිරීමට පියවර ගෙන ඒ සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවන ලෙස ද කතානායකවරයා පක්ෂ නායකයන්ට වැඩිදුරටත් දැනුම් දී තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka